නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්

මේ වනවිට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විතවන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, අනුව සෑම පාසලකටම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පළාත්, කලාප, කොට්ඨාස, සහ පාසල් මට්ටමින් නම්කර ඇති දත්ත නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගතව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් ආදිය ද පහසුවෙන් සිදුකළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දැනටමත් පාසල්වලට අනුයුක්තව රාජ්‍ය සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන් මෙම නව සේවයට බඳවාගැනීමෙන් රජයට අමතර ප්‍රතිපාදන වැය නොවන බවත් ඔවුන්ගේ සේවය මඟින් පාසල්, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප හා පළාත් යන අධ්‍යාපනයට අදාළ සියලු‍ අංශවල කාර්යාලයීය කළමනාකරණය යථාවත් කරගැනීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
10
+1
4
+1
4
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?