නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්

මේ වනවිට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විතවන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, අනුව සෑම පාසලකටම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පළාත්, කලාප, කොට්ඨාස, සහ පාසල් මට්ටමින් නම්කර ඇති දත්ත නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගතව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් ආදිය ද පහසුවෙන් සිදුකළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දැනටමත් පාසල්වලට අනුයුක්තව රාජ්‍ය සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන් මෙම නව සේවයට බඳවාගැනීමෙන් රජයට අමතර ප්‍රතිපාදන වැය නොවන බවත් ඔවුන්ගේ සේවය මඟින් පාසල්, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප හා පළාත් යන අධ්‍යාපනයට අදාළ සියලු‍ අංශවල කාර්යාලයීය කළමනාකරණය යථාවත් කරගැනීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46