අනියත බියක් එපා, ‘නිපා’ වෛරසයෙන් මෙරටට බලපෑමක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

‘නිපා’ වෛරසයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති නොකර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ‘නිපා’ වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සඳහා ඊයේ (21) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙය නව වෛරසයක් නොවන බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර එම වෛරසය බංග්ලාදේශයේ ද වසංගතයක් ලෙස පැතිර ගිය බවයි පැවසුවේ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ අගෝස්තු මස අග සිට ‘නිපා’ වෛරස ආසාදනයක් ලෙස පැතිරෙමින් යන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මෙරටින් මෙම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බව අවධාරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තත්ත්වය පිළිබදව කොවිඩ් වසංගතය මෙන් බිය විය යුතු නැති බවත් සඳහන් කර සිටියා.

රට ලොක්ඩවුන් කිරීම, වෙළදසැල්, ගුවන් මගීන් පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවන් සිදුකිරිමට කිසිඳු අදහසක් නොමැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

වෛරසය පිළිබදව අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ,

“මෙම වෛරස අසාදනය අළුත් වෛරස් ආසාදනයක් නොවෙයි. මුලින්ම 1998 මැලේසියාවෙන් ලොකුම වසංගත තත්ත්වය වාර්තා වනවා. එය රෝගීන් 300 කට පමණ සීමා වෙනවා. පසුව සිංගප්පූරුවෙන් රෝගීන් 11ක් පමණ වාර්තා වෙනවා. මේ රෝගය කාලිනව අවශ්‍ය පියවර ගැනිම තුළින් වෛරසය හටගත් රටේම පැතිරීම පාලනය කර තිබෙනවා. වෙන රටවලට පැතිරීමක් සිදුව නැහැ. 2001/2018 වසරවල වරින්වර බංග්ලාදේශයෙන් සුළු රෝගීන් සංඛ්‍යාවක් විවිධ ස්ථානවලින් අවස්ථා කිහිපයක දි වාර්තා වුණා. 2001 / 2007 බටහිර බෙංගාලයෙනුත් රෝගින් වාර්තා වෙලා තිබෙනවා. හැම අවස්ථාවකම එම රටවල් තුළ වෛරසය පැතිරෙන්නේ නැතිව සාර්ථකව පාලනය කර තිබෙනවා. දැනට රෝගය පවතින කේරළ ප්‍රදේශයේ 2018/2023 අතර, අවස්ථා 04ක දී මෙම වෛරස් තත්ත්වය සුළු වශයෙන් ඇතිවෙලා තිබෙනවා. එය ද කාලීන ක්‍රම තුළින් පාලනය කර ගත හැකි වී තිබෙනවා.
වර්තමාන තත්ත්වය තුළ ඉන්දියාවේ කේරළයෙන් දැනට රෝගීන් 06 ක් වාර්තා වී තිබෙනවා. මරණ 02ක් සිදුවෙලා තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශයේ යම් යම් සීමාවන් පනවා තිබෙනවා. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නියැදි පරීක්ෂණ සඳහා ලක් කර තිබෙනවා ඔවුන් තාම ආසාදිතයින් වී නැහැ. වෙනත් ප්‍රදේශවලට පැතිරීම පාලනය සදහා ආරක්ෂිත වැඩපිළිවෙලක්. ලොක්ඩවුන් තත්ත්වයක් ඇතිවෙලා නැහැ. අනියත බිය සාමාජජාලවල ඇතිකර තිබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා නියැදි නැහැ.මෙහි වාහකයා වවුල් ප්‍රභේදයක්. වවුලන්ගේ මල මුත්‍රා හරහා ආසාදිත වෛරස තැවැරීමෙන් පැතිරීම සිදුවෙනවා. සතුන් පළතුරු වැනි දැ අනුභව කිරීමෙන් මහජනතාවට මෙම වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරිම සිදු වන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට පමණයි. ඒ කෙළ බිදිති මඟින්. මෙය වාතය හරහා බොවෙන වෛරසයක් නොවෙයි. පැතිරිම අඩුවේගයකින් සිදු වෙන්නේ. රෝගය වැළදී ඉතා කෙටි කාලයකක් තුළ සුව විය හැකියි. රෝග ලක්ෂණ මතුනොවන පිරිසකුත් සිටිනවා. ස්වසන අපහහුතා ඇතිවිය හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර තත්ත්වයට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ ඒ තුළින් ද සීමා වෙලා තිබෙනවා. වෙනත් රටකින් තවත් රටකට යාමට ආසාදිතයාට කාලයක් නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13