මාලිමාවට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ මිලියන 9.2 මූල්‍ය වංචාවක් ?

පසුගිය දිට්වා ආපදා සමයේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2 දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය විසින් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන අදාළ පාර්ශව රැසකට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔවුන් පවසනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධවිපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන කියා සිටියේ ආපදා සමයේ හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගල ඔය සංවර්ධන කටයුතු සඳහා ස්කවේටර් බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර, කුලී පදනම මත ලබා ගැනීමට සහ ඒවාට ඉන්ධන සැපයීම, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළි මහ නගර සභාව විසින් සිදු කළ බවයි.

රුපියල් ලක්ෂ අනූ දෙකකට අධික මුදලක් ඉන්ධන සඳහා වෙන් කළද ඒ මුදලට සරිලන පරිදි, කිසිදු වැඩක් විධිමත්ව සිදුව නොමැති බවත් මන්ත්‍රීවරයා චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07