ගුණතිලකට එරෙහි නඩුව විභාගයට කැඳවයි – ගුණතිලකගේ අතින් අල්ලාගත් තරුණියකුත් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (18) විභාගයට කැඳවනු ලැබුවා.

මෙම නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණයේ දී කැඳවා තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, නැගෙනහිර සිඩ්නි ප්‍රදේශයේ කාන්තාවක් ගුණතිලකට නිවසට ආරාධනා කිරීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික හිංසා කිරීම හා සොරකම් කිරීම් යන වරදවලින් එක් වරදක වැරදිකරු ලෙස ඔහු පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට පවසා ඇත්තේ නීතිඥවරයකු නොමැතිව පැය 02 කට වැඩි කාලයක් තම සේවාදායකයා පොලිසිය සමඟ සම්මුඛව සාකච්ඡාවක් ලබාදුන් බවත් එහිදී ඔහු සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

මේ අතර මෙම නඩු විභාගයේ දී පැමිණිලිකාර වින්දිත කාන්තාව අධිකරණය හමුවේ පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ලිංගිකව එක්වීමේ දී තමාගේ හුස්ම හිර කළ බවත් ලිංගිකව එක්වීමේ දී වේගය අඩු කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමාට තම ජීවිතය ගැන බියක් දැනුණු බවයි.

ඊට අමතරව ගුණතිලකට එම එකතුවීමේ දී උපත් පාලන කොපුවක් භාවිතකරන ලෙස තමන් ඉල්ලීම් කළ බවත් එහිදී ඔහු එය අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කළ බවත් අදාළ කාන්තාව අධිකරණ හමුවේ පවසා තිබෙනවා.

එහිදී ගුණතිලක “කරදර වෙන්න එපා පැටියෝ, ඔයා ගැබ්ගන්නෙ නැහැ, ඔයාට මාව විශ්වාස නැද්ද ?” යනුවෙන් පැවසූ බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්.

මෙම නඩු විභාගය තවත් දින තුනක් හෝ හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර අද දිනයේ අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ගුණතිලක සමඟ විදෙස් ජාතික තරුණියක් ද පැමිණ සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔවුන් දෙදෙනා එකිනෙකාගේ දෑත් අත් අල්ලාගෙන ගමන් කරන අයුරු මාධ්‍ය වේදියෙකුගේ කැමරා කාචයට හසුව තිබූ අතර, එම ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම විදෙස් ජාතික තරුණියට ධනුෂ්ක ගුණතිලක සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
59
+1
3
+1
4
+1
7
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56