පැල් රකින්න හේනට ගිය ගොවියා වන අලියාට බිලිවෙයි (වීඩියෝ)

තිරප්පනය වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙල්ලමුදාව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි දෙදරු පියෙක්.

හේන් ගොවිතැන ජීවිකාව කර ගත් ඔහු වන අලින්ගෙන් තම වගාව බේරා ගැනීම සඳහා පැල් රැකීමට හේනට යමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) සවස 7ට පමණ වෙල්ලමුදාව වැව් ඉස්මත්තේ ඇති තම හේනට යතුරු පැදියකින් යමින් සිටි මෙම පුද්ගලයාට හේනට මීටර 50ක් පමණ ආසන්න ස්ථානයකදී යි වන අලියා පහරදී ඇත්තේ.

වන අලි පහරදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.‍

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් වන අලින් තම ගම්මානයට කඩා වදින අතර රැයක් දවාලක් නොමැතිව වන අලින් ගම්මානයේ ගැවසීම හේතුවෙන් තමන් දැඩි බියකින් ජීවත් වන බවයි.

මේ වන විට තම ගම්මානයේ පුද්ගලයින් 4 දෙනෙකු වන අලි පහරදීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් ව ඇති බව ද ඔවුන් සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (18) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12