කසිප්පු වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු තවමත් අතුරුදහන්

කිලිනොච්චිය , මලයාලපුරම්, පුදුඅයියන්කුලම ඇළ මාර්ගයක් අසළ සිදු කළ කසිප්පු ජාවාරමක් වැටලීම සඳහා ගිය අවස්ථාවේ අතුරුදහන්වු පොලිස් කොස්තාපල්වරයා සොයා අද(15) උදැසනත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව කිලිනොච්චිය පොලිසිය පැවසූහ.

පොලිසිය පැවසූවේ ඇළ ආසන්නයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ඊයේ (14) දහවල් ගිය පොලිස් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇති බවයි.

කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසූහ. පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති බවත්, ඒ සමඟම කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු ඔවුන්ව අල්ලා ගැනීමට උත්සහ කර සැකකරුවන් පසුපස ලුහුබැඳ ගිය අවස්ථාවේ කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති බවයි.

කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති අතර ඇළ ප්‍රදෙශයේ සහ කැළෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ඊයේ(14) දහවල් සිට සිදුකරන බවද පොලිසිය පැවසීය.

කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැක කරන අතර, ඇළෙහි පවතින මඩ සහිතවීම හේතුවෙන් අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්වරයා සොයාගැනීම දුෂ්කරවී ඇති බවත් පොලිසිය පැවසීය.

කිලිනොච්චිය යුද හමුදාව , පොලිස් ජීවිතාරක්ෂක ඒකකය , පොලිස් නිළ සුනඛ කොට්ඨාසය , කිලිනොච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදහන්වූ කොස්තාපල්වරයා සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?