කසිප්පු වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු තවමත් අතුරුදහන්

කිලිනොච්චිය , මලයාලපුරම්, පුදුඅයියන්කුලම ඇළ මාර්ගයක් අසළ සිදු කළ කසිප්පු ජාවාරමක් වැටලීම සඳහා ගිය අවස්ථාවේ අතුරුදහන්වු පොලිස් කොස්තාපල්වරයා සොයා අද(15) උදැසනත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව කිලිනොච්චිය පොලිසිය පැවසූහ.

පොලිසිය පැවසූවේ ඇළ ආසන්නයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ඊයේ (14) දහවල් ගිය පොලිස් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇති බවයි.

කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසූහ. පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති බවත්, ඒ සමඟම කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු ඔවුන්ව අල්ලා ගැනීමට උත්සහ කර සැකකරුවන් පසුපස ලුහුබැඳ ගිය අවස්ථාවේ කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති බවයි.

කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති අතර ඇළ ප්‍රදෙශයේ සහ කැළෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ඊයේ(14) දහවල් සිට සිදුකරන බවද පොලිසිය පැවසීය.

කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැක කරන අතර, ඇළෙහි පවතින මඩ සහිතවීම හේතුවෙන් අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්වරයා සොයාගැනීම දුෂ්කරවී ඇති බවත් පොලිසිය පැවසීය.

කිලිනොච්චිය යුද හමුදාව , පොලිස් ජීවිතාරක්ෂක ඒකකය , පොලිස් නිළ සුනඛ කොට්ඨාසය , කිලිනොච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදහන්වූ කොස්තාපල්වරයා සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15