මෙක්සිකෝව අමුතුම සිරුරු දෙකක් ලොවට ප්‍රසිද්ධ කරයි

මිනිසුන් හෝ පෘථිවියේ ජීවත්වන බවට අනුමාන කළ නොහැකි දෙදෙනෙකුගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී ප්‍රදර්ශනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වරත කර ඇත්තේ මෙක්සිකෝවේ කොන්ග්‍රසය විසින් නිල උත්සවයක් අතර “පිටසක්වල මළ සිරුරු” දෙකක් නිරාවරණය කරන ලද බවයි.

ආගන්තුක මළ සිරුරු දෙකෙහි නිල හෙළිදරව් කිරීම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ විමර්ශනය කරනු ලබන Jaime Maussan විසින් සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කුඩා මළ සිරුරු දෙක සියලු නිරීක්ෂකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවී ඇති අතර සංවිධායකයින් කියා සිටියේ කුඩා මමීකෘත නිදර්ශක වසර දහසක් පැරණි බවත් එය පේරු හි කුස්කෝ ප්‍රදේශයෙන් නැවත ලබාගෙන ඇති බවයි.

මෙක්සිකෝවේ ස්වතන්ත්‍ර ජාතික විශ්ව විද්‍යාලය මෙම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ නිදර්ශක අධ්‍යයනය කරන ලද බවත් එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් DNA සාක්ෂි ලබා ගැනීමට හැකි වූ බවත් මෙක්සිකානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නිදර්ශක අපගේ පරිණාමයේ කොටසක් නොවන අතර මේවා UFO සුන්බුන් වලින් සොයාගත් ජීවීන් ද නොවන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඒවා ඩයටම් (ඇල්ගී) පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පොසිල බවට පත්ව තිබූ බව සඳහන්.

Jaime Maussan යනු මාධ්‍යවේදියෙක්, රූපවාහිනී නිවේදකයෙක් මෙන්ම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ විමර්ශන සිදු කරනු ලබන අයෙක් වන අතර ඔහු 2017 වසරේදී පේරු රාජ්‍යයේ Nazca හිදී සොයා ගන්නා ලද මමී 5ක් පිළිබඳ විශ්ලේෂණයට සම්බන්ධ වූවෙක්.

මිනිස් රූප ලෙස දැක්වෙන දිගටි හිස් සහිත මෙම සිරුරු වකුටු වී ඇති අතර දෑත් සහ පාදවල ඇඟිලි තුනක් වන බව සඳහන්.

මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ, දිගටි හිස් කබල යනු ආගමික චාරිත්‍රානුකූල කොටසක් ලෙස, කුඩා දරුවන්ගේ හිස් රෙදිවලින්, ලණුවලින් හෝ ලී ලෑලිවලින් පවා බැඳ කෘත්‍රිමව හිස්කබල විකෘති කිරීමේ පැරණි පුරුද්දක ප්‍රතිඵලයක් වන්නට ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27