AFC Banner
Empty Ad
Empty Ad

බයිඩ්න් සහ මෝදි අතර හමුවක් – G20 සමුළුවත් අද ඇරඹේ

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) සිදු වුණා.

ජී විස්ස සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණ සිටින අවස්ථාවේ මෙම හමුව සිදු වූ බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

මෙහිදී නායකයින් දෙපළ අංශ රැසක සහයෝගීතාවයන්ට ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

මේ අතර ජී විස්ස සමුළුව අද (09) සහ හෙට (10) යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආරක්ෂාව ද දැඩිලෙස තරකර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලක්ෂයක් යොදවා ඇති බව සඳහන්.

මෙම සමුළුව සඳහා එක්වන රාජ්‍ය නායකයින් මේ වනවිටත් ඉන්දියාව වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

මේ අතර මෙවර සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එක නොවීමට තීරණය කර තිබෙනවා.

ජී විස්ස යනු ලොව විශාලතම ආර්ථිකයන් 19 සහ යුරෝපා සංගමයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?