බයිඩ්න් සහ මෝදි අතර හමුවක් – G20 සමුළුවත් අද ඇරඹේ

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) සිදු වුණා.

ජී විස්ස සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණ සිටින අවස්ථාවේ මෙම හමුව සිදු වූ බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

මෙහිදී නායකයින් දෙපළ අංශ රැසක සහයෝගීතාවයන්ට ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

මේ අතර ජී විස්ස සමුළුව අද (09) සහ හෙට (10) යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වෙනවා.

මේ හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ආරක්ෂාව ද දැඩිලෙස තරකර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලක්ෂයක් යොදවා ඇති බව සඳහන්.

මෙම සමුළුව සඳහා එක්වන රාජ්‍ය නායකයින් මේ වනවිටත් ඉන්දියාව වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

මේ අතර මෙවර සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එක නොවීමට තීරණය කර තිබෙනවා.

ජී විස්ස යනු ලොව විශාලතම ආර්ථිකයන් 19 සහ යුරෝපා සංගමයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31