ආහාර විෂ වූ පොලිසියේ 10ක් රෝහලට

පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ රෝගී වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් මෙන්ම පොලිස් කාන්තාවන් සහ කොස්තාපල්වරුන් ද සිටින බවයි.

මේ වන විට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා, පොලිස් කාන්තාවක් සහ කොස්තාපල්වරයෙකු පමණක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස ප්‍රතිකාර ලබාගෙන පිට වී ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ.

ඊයේ රාත්‍රී බත් සමඟ ආහාරයට ගත් හතු වර්ගයක් විෂවීම හේතුවෙන් මෙම නිලධාරීන් මෙලෙස රෝගාතුර වී ඇතැයි සඳහන්.

එලෙස රෝගාතුර වූ පිරිසට වමනය, බඩේ එළිය යාම වැනි රෝග ලක්ෂණ තිබූ බවයි වාර්තා වන්නේ.

එම හතු ව්‍යංජනය සීමිත පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් ආහාරයට ගෙන ඇතැයි ද හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32