ජනපතිගෙන් නව විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ යෝජනාවක්

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය මෙන්ම මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය ඇතුළුව කාර්ය භාරය පිළිබඳ මෙහිදී සිසුන් වෙත පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

ඉදිරියේ දී අවම වශයෙන් නව විශ්වවිද්‍යාල 10ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත්, ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදී රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

  1. KATHA KATHA KATHA WITHARYI WEDA NAHE. MEKAMA THAMAYI APU HEMA WAREMA KALEYI. HEMA WAREMA UTHURE DEMALA ANTHAWADHEEN ADHAGENA UNTA EWA MEWA DENAWA KIYALA BALAYA REKAGENA KALAYA KA DAMAMIN INNAWA. WEDA BARIWA NOWEYI. ROYAL ALASA KAMMALI KUSEETHA KAMA. ROYAL UNTA THIYENA AMMA THAMAYI THAMUN ROYAL NISA ROYAL CLASS EKEN HITHANA EKA, ITA EHA YANNA THANAK KARANNA DEYAK NAHE KIYALAYI UN HITHANNE. APU PALAMU WATHAWEMA APU HEMA EKAMA GANA KAPA GANNAWA JEEWITHA KALEMA JEEWATH WENNA. ITA PASSE TERMS BONUS TERMS.