විකාශන අධිකාරී කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බව මානව හිමිකම් මහ කොමසාරිස් කියයි

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසනවා.

අද ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අඛණ්ඩ වගවීමේ හිඟයකින් පෙළෙන අතර රට ඉදිරියට යාමට නම් එම ගැටලුවලට ආමන්ත්‍රණය කළ යුතු බවයි දැක්වෙන්නේ.

අනෙකුත් නිර්දේශ අතර, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් මෙන්ම මානව හිමිකම් කඩකිරීම් යැයි කියනු ලබන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මහ කොමසාරිස්වරයා මීට පෙර ඉල්ලා තිබුණා.

රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් යෝජනා කර ඇති අතර, ඕනෑම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට හැකි පරිසරය නිර්මාණය කිරීම සඳහා අව්‍යාජ ප්‍රයත්නයන් මගින් පදනම සකස් කළ යුතු බව වාර්තාව අවධාරණය කරනවා.

“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එය වගවීම සඳහා පැහැදිලි කැපවීමක් සහ දුරදිග යන වෙනසක් ක්‍රියාවට නැංවීමේ දේශපාලන අභිලාෂය සමඟ ද තිබිය යුතුය, ” මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40