විකාශන අධිකාරී කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බව මානව හිමිකම් මහ කොමසාරිස් කියයි

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට පටහැනි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවසනවා.

අද ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව අඛණ්ඩ වගවීමේ හිඟයකින් පෙළෙන අතර රට ඉදිරියට යාමට නම් එම ගැටලුවලට ආමන්ත්‍රණය කළ යුතු බවයි දැක්වෙන්නේ.

අනෙකුත් නිර්දේශ අතර, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් මෙන්ම මානව හිමිකම් කඩකිරීම් යැයි කියනු ලබන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මහ කොමසාරිස්වරයා මීට පෙර ඉල්ලා තිබුණා.

රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් යෝජනා කර ඇති අතර, ඕනෑම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට හැකි පරිසරය නිර්මාණය කිරීම සඳහා අව්‍යාජ ප්‍රයත්නයන් මගින් පදනම සකස් කළ යුතු බව වාර්තාව අවධාරණය කරනවා.

“සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එය වගවීම සඳහා පැහැදිලි කැපවීමක් සහ දුරදිග යන වෙනසක් ක්‍රියාවට නැංවීමේ දේශපාලන අභිලාෂය සමඟ ද තිබිය යුතුය, ” මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?