තරුණියක එක්කන් යන්න ඇවිත් තනියම නොයන ගමන් ගිය පෙම්වතා

පෙම්වතිය බලන්න ගිය තරුණයෙකුට තරුණියගේ පියා විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා (5 ) පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා ගල්ලන්ද , නාපත්ඇල්ල රොටුඹ පදිංචි තරුණියක (25) සමග දීර්ඝ කාලෙක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබු අතර එයට තරුණියගේ දෙමාපියන් විසින් විරෝධය දක්වමින් කටයුතු කර තිබේ.

කෙසේ නමුත් මෙම තරුණයා (5 ) දින තරුණියගේ නිවසට පැමිණ තිබූ බවත් එම අවස්ථාවෙදි මෙම ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධයෙන් තරුණයා සහ තරුණියගේ දෙමව්පියන් අතර සිදුවු බහින්බස් විමක් දුරදිගයාම හේතුවෙන් ඇති වූ බව කියන ගැටුමක් අතුරතුර දි ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වූ තරුණියගේ පියා විසින් තියුණු ආයුධයකින් අදාළ තරුණයාට පහරදී තිබෙනවා.

එහිදි බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීන් විසින් ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ නමුත් එවන විට එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධතාවයට තරුණියගේ පාර්ශවයෙන් විරෝධතාවය හේතුවෙන් අදාළ තරුණිය ඥාති නිවසක රදවා සිට තිබිණි.මේ සම්බන්ධයෙන් දෙපාර්ශය අතර කලක සිට දුරකථනය මාර්ගයෙන් විටින් විට බහින්බස් විමි සිදුව ඇති බවත් තරුණයා විසින් තරුණියගේ මවට දුරකථනය මගින් මරණ තර්ජන සිදුකල බවට තරුණියගේ මව විසින් ඉකුත් (02 ) දින රොටුඹ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකොට තිබූ බව පොලිසිය පවසයි .

මෙහිදී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණියගේ පියා වන වයස 64 , මව වන වයස 61 වන අය සහ සහෝදරයෙකු වන වයස 19 අය සහ තරුණියගේ සහෝදරිය වයස (39 ) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව රොටුඹ පොලිසිය පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?