පුංචි ඡන්දය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට අවසර දෙයි

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කරන ඩබ්ලිව්. එම්.ආර්.විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබාදී තිබෙනවා.

අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් විසින් මතු කර තිබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නා.

එස්.තුරෛරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම පෙත්සම් මීට පෙර සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අදාළ පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු දක්වා තිබුණා.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සිය පෙත්සම තුළ තමා ඡන්දදායකයකු බව සඳහන් කර නොමැති බවත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දිවයිනේ සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් නම් කර නොමැති නිසා මෙම පෙත්සම නීතිය ඉදිරියේ විභාගයට ගැනීමට නොහැකි බවට මැතිවරණ කොමිසම හිටපු සාමාජිකයන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කරනු ලැබුවා.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා තර්ක කළේ මැතිවරණ කොමිසම විසින් අදාළ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

සීමා නිර්ණය කටයුතු අවසන් වී නොමැති අවස්ථාවක මෙවැනි මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කළා.

ඒ, අනුව අදාළ පෙත්සම් විභාගය පෙබරවාරි මස 14 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14