අපටත් රටට බිලියන ගණන් ඩොලර් ගේන්න පුළුවන් – දේශීය කුකුළු කර්මාන්තකරුවන්

රටට ඩොලර් බිලියන 3.5ක වාර්ෂික ආදායමක් ලබාදීමට දේශීය කුකුළු කර්මාන්තකරුවන්ට හැකි බව එම කර්මාන්තකරුවන් පවසනවා.

කුකුළු කර්මාන්තකරුවන් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර සිටියා.

මේ වනවිට දේශීය කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා මාසිකව ගොවිපළවල සතුන් ක්‍රමාණුකූලව වැඩි කරමින් පවතින බවත්, ඊට සමගාමීව නව තාක්ෂණය යොදාගනිමින් කුකුළු පැටවුන් බෝ කිරීම මෙන්ම බිත්තර රැක්කවීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරමින් සිටින බවත් මෙහිදී එම කර්මාන්තකරුවන් පැවසුවා.

පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මාසිකව කුකුළු පැටවුන් ප්‍රමාණය ඉහළ දමා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට ගොවිපොළ සියල්ලෙහිම සිටින කුකුළු පැටවුන්ගේ ධාරිතාවය 34,20,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය කුකුළු මස් හා බිත්තර සහ කුකුළුමස් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ද පවතින අතර, ඉන්දියාව හා මාලදිවයින වැනි රටවල් ගණනාවක ජනප්‍රියම සොසේජස් වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සොසේජස් බවයි එම කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මාලදිවයින තුළ සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ කුකුළු මස් පරිභෝජනයට ඉමහත් රුචිකත්වයක් දක්වන බව ද කුකුළු කර්මාන්තකරුවන් මෙහිදී පැවසුවා.

මාසිකව මාලදිවයිනට මෙරටින් කුකුළු මස් කන්ටේනර් දෙකක් අපනයනය කරන බව සඳහන් කළ ඔවුන්,දේශීය කර්මාන්තය රැකගැනීම සදහා රජය වශයෙන් සහයෝගය ලබාදිය යුතු බවයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා දේශීය කර්මාන්තයක් වශයෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීමට රජය පියවර ගන්නා බව සඳහන් කළා.

ලබන වසර වනවිට නැවතත් දේශීය කුකුළු කර්මාන්තය තුළින් ස්වයංපෝෂිත වීමට හැකිවනු ඇති බවත්, ඒ සඳහා උපරිම දායකත්වය දරණ පුද්ගලික අංශයට රජය වශයෙන් කෘතඥතාවය පළ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42