පිරිසක් සමඟ එක්වූ මස්සිනා, මස්සිනාව ඝාතනය කරලා

පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 28අවුරුදු ක පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිය සහෝදරියගේ සැමියා ඇතුළු පිරිසක් විසින් මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 34 සහ 31 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?