LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දඹුල්ලට පෙරළෙයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

එල්.පී.එල් තරගාවලි ඉතිහාසය තුළ මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.

අද පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග එක්නොවන බවයි වාර්තා වුණේ.

ඒ, ඊයේ රාත්‍රියේ පැවති තරගය අතර තුර ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

අද තරගයේ දී කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ කඩුලු ලාභීන් අතර වනිඳු මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?