ජෙරොම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් සමාව ඉල්ලයි (වීඩියෝ)

බුදුදහම සහ බුදුරජාණන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ජෙරම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් අද සිය පුත්‍රයාගේ ප්‍රකාශ පිළිබඳ සමාව ඉල්ලා සිටියා.

ඔවුන් අද රාමඤ්ඤ මහා නිකායේ සංඝ මුලස්ථානයට පැමිණ පුජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියාසිටියේ.

ජෙරම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් මෙලෙස පැමිණ තිබුණේ පුත්‍රයාගේ ප්‍රකාශයෙන් බුදු දහමට මෙන්ම බෞද්ධ ආගමික ජනතාවට සිදු වූ අපහසුතාව වෙනුවෙන් මහා සංඝරත්නය සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලීම සඳහායි.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියාසිටියේ වරද තේරුම් ගෙන ඒ පිළිබඳ සාකච්ඡාවකට පැමිණි සමාව ඉල්ලන්නේ නම් බෞද්ධ සමාජයක් ලෙස සමාව දීමට සුදානම් බවයි.

පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වූ අතර මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි උන්වහන්සේ කියාසිටියේ.

අනතුරුව ජෙරොම් ප්‍රනාන්දුගේ මව වන බෙවින් ප්‍රනාන්දු  මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඇය කියාසිටියේ තම පුත්‍රයාගේ ප්‍රකාශ හේතුවෙන් සිත් රිදවීමක් වූයේ නම් ලොකු කුඩා සියලු දෙනාගෙන්ම කෝටි වාරයක් සමාව ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ඕමල්පේ සෝභිත නාහිමියන් තමන්ට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ ස්තූතිවන්ත වන බව ද ඇය සඳහන් කළා.

  1. බුද්දාගම ට කරපු අපහාසයට ජෙරම් ප්‍රනාන්දු විසින් ම සමාව ඉල්ලන්නේ නම් අනිවාර්යයෙන්ම සමාව දිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09