සැක කටයුතු මරණ දෙකක් ගැන පොලිස් පරීක්ෂණ

සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම මළ සිරුරු දෙක හමුවී ඇත්තේ වලස්මුල්ල සහ කිරිඳිවැල ප්‍රදේශවලින්.

වලස්මුල්ල ගිනිගොඩැල්ලයාය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැක කටයුතු ලෙසට මියගොස් සිටින බවට වලස්මුල්ල පොලිසියට ඊයේ (12) උදෑසන ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කැබැල්ලකැටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ හිසෙහි තුවාලයක් සහ ලේ පැල්ලම් කිහිපයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම මරණය ඝාතනයක් බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර කිරිඳිවැල හංගමුවවත්ත ප්‍රදේශයේ නිවසක් අසල පහරදීමකින් වැටී සිටි පුද්ගලයෙකු රදාවාන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කිරිඳිවැල පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ උඩගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම මරණය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාට පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත් ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදු වූ මරණයක් ද යන්න පිළිබඳ කිරිඳිවැල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42