ශකීබ් යළිත් එක්දින නායකත්වයට

තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට යළිත් පත්කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ මීට පෙර බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්ව දැරූ තමිම් ඉක්බාල් එම තනතුරෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් පසුවයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්, ඩකා හි පිහිටි සිය නිවෙසේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (11) මේ බව නිවේදනය කළා.

ඒ, අනුව ශකීබ්ට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන ආකෘති තුන තුළම බංග්ලාදේශයට නායකත්වය ලබාදීමට අවස්ථාව හිමිවනවා.

ෂකීබ් 2009 – 2011 අතර කාලය තුළ පළමු වරට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර, එහිදී එක්දින තරඟ 49 කදී බංග්ලාදේශය මෙහෙයවමින් ඉන් 22 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

පසුව ඔහු 2015 සහ 2017 දී තවත් එක්දින තරඟ තුනක දී බංග්ලාදේශයට නායකත්වය ලබා දෙනු ලැබුවා.

ශකීබ් අල් හසන් මේ වනවිට එල්.පී.එල්. තරගවලියේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52