AFC Banner
Empty Ad
Empty Ad

කාරක සභාවකට ස්වාමීන්වහන්සේලාගේ අදහස් ගනී (ඡායාරූප)

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ගරුතර ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී සිදු වී තිබෙනවා.

මෙම අදහස් ලබාගැනීම සිදු වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී විවෘත සහ වගකිව යුතු රජයක් සකස්කිරීම සඳහා සම්පාදනය විය යුතු අණ පනත් පිළිබඳව සහ සංශෝධනය විය යුතු අණ පනත් පිළිබඳව පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා විසින් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මෙහිදී රටේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාවය ස්වාමීන්වහන්සේලා පෙන්වා දුන් අතර විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිපත්තිය සහ ජාතික ප්‍රතිපත්තිය පටලවා නොගෙන සෑම ආණ්ඩුවක් විසින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක් මෙරටට වැදගත් වන බවයි උන්වහන්සේලා පෙන්වාදී ඇත්තේ.

එසේම අන්‍යාගමික සංවිධානවල අවශ්‍යතාව මත ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ගොඩනගන වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නෛතික පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙම කමිටුවට සිදු කළ හැකි මැදිහත්වීම කිරීමට කටයුතු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. එසේම මෙම ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

මෙම කාරක සභාව සඳහා පූජ්‍ය ආණමඩුවේ ධම්ම දස්සී, පහමුනේ සුමංගල, වලේ‌බොඩ ගුණසිරි, කිවුලේ ගෙදර නාරද, ඉඳුරාගාරේ ධම්මරතන, පින්නවල සංඝසුමන, නාඹිරිත්තන්කඩවර ඥානරතන, මැදගොඩ අබයතිස්ස, කුඹල්ගොඩ ධම්මාලෝක, කන්දේගම දීපවංශාලංකාර සහ අකුරටියේ නන්ද යන නාහිමිවරුන් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25

?