කාරක සභාවකට ස්වාමීන්වහන්සේලාගේ අදහස් ගනී (ඡායාරූප)

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ගරුතර ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී සිදු වී තිබෙනවා.

මෙම අදහස් ලබාගැනීම සිදු වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී විවෘත සහ වගකිව යුතු රජයක් සකස්කිරීම සඳහා සම්පාදනය විය යුතු අණ පනත් පිළිබඳව සහ සංශෝධනය විය යුතු අණ පනත් පිළිබඳව පැමිණ සිටි ස්වාමීන් වහන්සේලා විසින් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මෙහිදී රටේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාවය ස්වාමීන්වහන්සේලා පෙන්වා දුන් අතර විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිපත්තිය සහ ජාතික ප්‍රතිපත්තිය පටලවා නොගෙන සෑම ආණ්ඩුවක් විසින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක් මෙරටට වැදගත් වන බවයි උන්වහන්සේලා පෙන්වාදී ඇත්තේ.

එසේම අන්‍යාගමික සංවිධානවල අවශ්‍යතාව මත ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් ගොඩනගන වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නෛතික පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

මෙම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙම කමිටුවට සිදු කළ හැකි මැදිහත්වීම කිරීමට කටයුතු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. එසේම මෙම ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

මෙම කාරක සභාව සඳහා පූජ්‍ය ආණමඩුවේ ධම්ම දස්සී, පහමුනේ සුමංගල, වලේ‌බොඩ ගුණසිරි, කිවුලේ ගෙදර නාරද, ඉඳුරාගාරේ ධම්මරතන, පින්නවල සංඝසුමන, නාඹිරිත්තන්කඩවර ඥානරතන, මැදගොඩ අබයතිස්ස, කුඹල්ගොඩ ධම්මාලෝක, කන්දේගම දීපවංශාලංකාර සහ අකුරටියේ නන්ද යන නාහිමිවරුන් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37