සිර දඬුවම් නියම වූ පාකිස්ථාන හිටපු අගමැති අත්අඩංගුවට

වසර 3ක සිර දඬුවම් නියම වූ පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ හිටපු අගමැතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

ලාහෝර් නුවර පිහිටි නිවසේදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට වසර 3ක සිර දඩුවමට අමතරව වසර 5ක කාලයක් සක්‍රිය දේශපාලනයේ නිරත වීම ද තහනම් කෙරුණා.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට වසර තුනක සිර දඬුවමක් නියම වීමෙන් පසු රටපුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලෙසටයි හිටපු පාකිස්තාන අගමැතිවරයා සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ.

ඔහුගේ පාලන සමයේ විදෙස් රටවලින් ලැබුණු ත්‍යාග විකුණා උපයාගත් මුදල් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් ඉම්රාන් ඛාන් මෙලෙස වරදකරු වී ඇති අතර චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා කියාසිටියේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

“මට ඇත්තේ එකම ආයාචනයක් පමණි, නිශ්ශබ්දව නිවසේ වාඩි වී නොසිටින්න, මම මේ අරගල කරන්නේ ඔබත් රටත් ඔබේ දරුවන්ගේත් අනාගතය වෙනුවෙන්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන 70 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018 වසරේ මැතිවරණයෙන් තේරී පත් වූ නමුත් පකිස්ථානයේ හමුදාව සමඟ ඇති වූ විරසකය හේතුවෙන් පසු ගිය වසරේ විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා.

ඛාන් මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු 100 කට වැඩි ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටින අතර ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලනික පළි ගැනීම් බවටයි.

අද ලැබුණු තීන්දුව පැවති නඩුව වූයේ ඔහු විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ත්‍යාග විකුණා ලබා ගත් මුදල් පිළිබඳ තොරතුරු වැරදි ලෙස ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනා මතයි.

Rolex ඔරලෝසු, මුද්දක් සහ කෆ් ලින්ක් යුගලයක් ඇතුළත් අදාළ ත්‍යාග පකිස්ථාන රුපියල් මිලියන 140 ($635,000; පවුම් 500,000) කට වඩා වටිනා බවටයි වාර්තා වන්නේ.

අධිකරණ නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ වංකකම සැකයෙන් තොරව තහවුරු වී ඇති බවයි.

නියෝගය ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයෙන් පිටත සිටි රජයට පක්ෂපාතී උද්ඝෝෂකයන් “ඔබේ ප්‍රසංගය ඉවරයි ඛාන්” යනුවෙන් කෑ ගැසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වී විනාඩි 15ක් ඇතුළත පොලිස් මෝටර් රථ සහ ට්‍රක් රථ පෙළක් ඉම්රාන් ඛාන් රැගෙන යන ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා.

ඔහුගේ නිතීඥයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලාපොරොත්තු වන පරිදි මෙම සිර දඬුවම සහ වරදකරු කිරීම අත්හිටුවුවහොත් ඔහුට නැවත දේශපාලනයට පැමිණීමට හැකිවනු ඇති බවයි.

මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින ඉම්රාන් ඛාන් මහතා ඉස්ලාමාබාද් නගරයට දකුණින් පිහිටි රාවල්පින්ඩි නගරයේ මධ්‍යම බන්ධනාගාරයක් වන අද්යාලා බන්ධනාගාරයට යවනු ඇති.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දින නියම කර ඇති පසුබිමක් තුළයි.

එළඹෙන 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් නිවේදනය කළේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 90 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා.

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ ඉම්රාන් ඛාන්ට මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වනු ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00