විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන නීතිපතිගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද කැඳවූ අවස්ථාවේදී යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් සමථයක් යෝජනා කළ හැකි බව සඳහන් කළා.

ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම සඳහා නව අයදුම්පත් කැඳවා විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පත්වීම් සිදු කිරීමට තීරණය කර ඇති බවයි ඔහු කියාසිටියේ.

එම විභාග පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස වන විට සිදුකළ හැකි බව ද අදාළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු ලබන අගෝස්තු මස පමණ වනවිට සිදු කළ හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

මෙම තනතුරු සඳහා පත්වීම් සිදු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම අවස්ථාවේදී අදාළ පත්වීම් සිදු කළ නොහැකි අතර ලබන වසර වන විට එම කරුණ සමථයකට පත් කිරීමට හැකි බවත් ඔහු පැවසුවා.

එම සමථයට පෙත්සම්කාර පාර්ශ්වයේ ‌නීතිඥවරුන් එකඟතාවය පළ කළා.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් සැප්තැම්බර් මස 14 වැනිදා නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
25
+1
22
+1
9
+1
14
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30