ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද තම සමාගම කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ පවතින මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය තවදුරටත් රුපියල් 3690කට අලෙවි කෙරෙන අතර කිලෝ 5 ගෑස් සිලින්ඩරය රුපියල් 1476ක මිලකට අලෙවි කෙරෙනු ඇති.

මේ අතර ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද ප්‍රකාශ කළා.

කාර්යක්ෂමව තොග කළමනාකරණය කිරීම හේතුවෙන් මෙලෙස ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදුනොකරන බවයි සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (03) තොරතුරු වාර්තා වුණේ ගෑස් මිලෙහි සංශෝධනයක් අද සිදු කිරීමට නියමිත බවයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් මිල ද මෙම මිල සංශෝධනයේ දී ඉහළ දමන බවටයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14