spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද තම සමාගම කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ පවතින මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය තවදුරටත් රුපියල් 3690කට අලෙවි කෙරෙන අතර කිලෝ 5 ගෑස් සිලින්ඩරය රුපියල් 1476ක මිලකට අලෙවි කෙරෙනු ඇති.

මේ අතර ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද ප්‍රකාශ කළා.

කාර්යක්ෂමව තොග කළමනාකරණය කිරීම හේතුවෙන් මෙලෙස ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදුනොකරන බවයි සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (03) තොරතුරු වාර්තා වුණේ ගෑස් මිලෙහි සංශෝධනයක් අද සිදු කිරීමට නියමිත බවයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් මිල ද මෙම මිල සංශෝධනයේ දී ඉහළ දමන බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?