ගස් සිටුවන්න හිටපු ඇමති බදියුදීන්ට කළ නියෝගයට අතුරු තහනමක්

විල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කල ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව දී තිබූ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කපා හෙළි පෙහෙළි කළ ප්‍රදේශ වෙනුවෙන් වෙනත් ස්ථානයක ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසත් ඊට අදාළ වියදම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

එම තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට පාදක වන කැලෑ ප්‍රදේශය නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා පත් කර තිබූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් වෙන් කර තිබු ඉඩමක් බවයි.

තම සේවාදායකයා කිසිදු ආකාරයකින් නීතියට පටහැනි ක්‍රියාවක් සිදු කර නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නීතිමය සිද්ධාන්තයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බවත් චෝදනා කළා.

වගඋත්තරකාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ කරුණු ඉදිරිපත් කළා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඊට අමතරව පෙත්සම්කරුට එරෙහිව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළකලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝග කළා.

අනතුරුව පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00