ඉතාලියට පනින්න ගිය යුවළක් කටුනායක දී අත් අඩංගුවට

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ යි.

යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදි අයෙක් වන අතර තරුණිය 28 හැවිරිදි වියෙහි පසු වනවා.

ඔවුන් ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් ගුවන් සේවයේ EY- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා, ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන තිබෙනවා.

එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක් කැඳවා තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර එහිදී ඇයගේ යට ඇඳුම තුළ සඟවා ගෙන තිබූ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සොයා ගෙන තිබුණා.

එලෙස සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වන විටත් ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිට තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පසුගිය වකවානුව තුළ උතුරු ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ පිරිස විශාල වශයෙන් මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කූඨ ලේඛන භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමේ ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතින බවටයි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීවරයෙකු සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
29
+1
7
+1
17
+1
5
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01