spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලියට පනින්න ගිය යුවළක් කටුනායක දී අත් අඩංගුවට

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ යි.

යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදි අයෙක් වන අතර තරුණිය 28 හැවිරිදි වියෙහි පසු වනවා.

ඔවුන් ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් ගුවන් සේවයේ EY- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා, ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන තිබෙනවා.

එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක් කැඳවා තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර එහිදී ඇයගේ යට ඇඳුම තුළ සඟවා ගෙන තිබූ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සොයා ගෙන තිබුණා.

එලෙස සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වන විටත් ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිට තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පසුගිය වකවානුව තුළ උතුරු ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ පිරිස විශාල වශයෙන් මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කූඨ ලේඛන භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමේ ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතින බවටයි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීවරයෙකු සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
9
+1
29
+1
7
+1
17
+1
5
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?