කොරෝනා ආසාදිත මෘත ශරීර 45 ක් මේ වන විට මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කලේ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකුගේ සිරුරු එලෙස භූමදානය කර ඇති බවයි.
පොරොත්තු ලැයිස්තුවල සිටි සියල්ලන් මේ වනවිට භූමදානය කර අවසන් බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම කොරෝනා මෘත ශරීර භූමදානය සඳහා යොදාගත හැකි තවත් ජනශුන්‍ය භූමි ඇත්නම් වාර්තා කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියා.
