ඇමති හරින්ගෙන් අනාවැකියක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත වෙනසක් සිදුවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඔහු අද මෙම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනුයි මෙය සංවිධානය කර තිබුණේ.

සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙන පක්ෂයේ දැවැන්ත සමුලුවේදී නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම සමුලුවෙන් පසු 2048 දක්වා ශ්‍රී ලංකාව ගොඩනගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව ඔප්පු කර පෙන්වන බවයි හරින් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

මෙම අවස්ථාව ද මගහැර ගතහොත් යළි අවස්ථාවක් නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග සමගි ජන බලවේගය පක්ෂය තුළ කිසිවෙකු ඉතිරි නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනාධිපතිවරණයට තරග කිරීමට කිසිවෙකු නොමැති අතර තවත් වසර 5ක් රට පාලනය කිරීමෙන් අනතුරුව ඔහු විශ්‍රාම ගනු ඇති බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38