කොවිඩ් හේතුවෙන් පාසලේ 5 වසරේ පන්ති වසාදැමේ

කොවිඩ් – 19 අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු අද (15) සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට එලෙස කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14) දින තහවුරු වී තිබුණි.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා පැවසූවේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු එළඹෙන 22වන දින දක්වා ආරම්භ නොකරන බවය.

නොර්වුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් පුස්ථකාලයේ පුස්තකාලාදිපතිනියට සහ ඇයගේ පුතාට කොවිඩ් – 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවත් පුස්තකාලාධිපතිනියගේ පුතා අසාදිත පාසල් සිසුවා බව ද මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පැවසිය.

අසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.

නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ අසාදිත සිසුවාගේ සමීප ආශ්‍රිත සිසු සිසුවියන් අද (15) දින PCR පරීක්ෂණ සඳහා යොමුකරන බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

නොර්වුඩ් පුස්තකාලය ද තාවකාලිකව වසා දමා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?