ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් හදන අපේ “දර්ශන්” මව්බිමට (ඡායාරූප)

ප්‍රංශයේ විශිෂ්ඨතම ” බැගට් ” පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන දර්ශන් සෙල්වරාජ් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි – 278 දරණ ගුවන් යානයෙන් උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු ඇතුළු පවුලේ පැමිණ තිබුණා.

දර්ශන් ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සඳහා පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව ද ඔහුට හිමි වුණා.

යාපනය, තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් සිය දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවේ සති තුනක සංචාරයක් මෙලෙස පැමිණ තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දර්ශන් සෙල්වරාජ්,

“මම 2016 වසරේ දී ප්‍රංශයට ගියා. මම යනකොට මම ප්‍රංශ භාෂාව දන්නෙ නැහැ ඒ, විතරක් නෙමෙයි බේකරි වැඩකටයුතු දන්නෙත් නැහැ. ඒත් මම ප්‍රංශයේ පැරිස් නුවර ” au Levain Des Pyrenees ” බේකරියේ වැඩට ගියා. එහි අයිතිකරු ඉතා සුහදශීලී පුද්ගලයෙක් ඔහු මට ප්‍රංශ භාෂාව මෙන්ම බේකරි කර්මාන්තයත් හොදට ඉගැන්වූවා. දැන් ඔහුගේ වයස අවුරුදු 70ක් . මම ඒ බේකරිය මීට වසර 03 කට පෙර මිළ දී ගත්තා.
ප්‍රංශයේ පැරිස් නුවර, රජයේ ලියාපදිංචි බේකරි නිෂ්පාදකයන් 1,300 ක් සිටිනවා. ඔවුන් සමඟ තරග කර මෙම 2023 වසරේ අති විශිෂ්ඨතම ප්‍රංශ “බැගට්” පාන් නිෂ්පාදකවරයා ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ නිසාම මෙම වසරක කාලයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයාගේ මන්දිරයට ” බැගට් ” පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැපයීමේ වගකීම මා වෙත පැවරී තිබෙනවා.”

20230728 104955 scaled
20230728 104906 scaled
20230728 105207 1 scaled
20230728 105054 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18