කෝටිපති මැණික් මුදලාලිගේ නීති විරෝධී ගව ඝාතකාගාරය වටලයි

වැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා එහි හිමිකරු බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙහිදී ඝාතනය කිරීමට සිටි මී ගවයින් 13 දෙනෙකු සහ සත්ව ඝාතනයට උපයෝගී කරගත් තියුණු ආයුධ ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී විරෝධී ආකාරයෙන් ගවයින් මරණ බවට ලද තොරතුරක් අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
2
+1
6
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !