ඉන්දු-පැසිෆික් කලාපයේ සංවර්ධනයට ඉවහල් වන දිල්ලි-ඩකා-ටෝකියෝ සහයෝගිතාව

ඉන්දියාව, බංග්ලාදේශය සහ ජපානය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව මෑත කාලීනව වර්ධනය වෙමින් පවතිනවා.

ඊට හේතු වී ඇත්තේ  නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩකා, නව දිල්ලිය සහ ටෝකියෝ යන නගරවල හවුල් ඉලක්ක ඇතුළුව සාධක ගණනාවක්  වෙනුවෙන් ඇති අපේක්ෂායි.

කලාපය පුරා ක්‍රියාකාරී යටිතල පහසුකම් සම්බන්ධතා වර්ධනය කිරීම මෙන්ම  ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත් වැනි පොදු අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාව ඒ අතරින් ප්‍රධානයි.

බංග්ලාදේශයේ කාර්මික කේන්ද්‍රස්ථානය සහ ඉන්දියාවේ ගොඩබිම් සහිත ඊසානදිග කලාපයේ විභවය අවබෝධ කර ගැනීම දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ බහුවිධ සම්බන්ධතාව පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වනවා.

කලාපයේ කාර්මිකකරණය සක්‍රීය කිරීම සහ එම කටයුතු ඉහළ නංවාලීමට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපානයේ මැදිහත්වීම වැදගත්.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා  මාර්තු මාසයේ සිදුකළ සිය ඉන්දීය සංචාරය අතරතුරදී  ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් අතර අප්‍රේල් මස අගර්තාලා හි පැවති දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති රැස්වීමකදී ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡාවට ලක් කෙරුණා.

ඉන්දියාව, බංගලිදේශය සහ ජපානය සහයෝගීතාවයෙන් කටයුතු කරන ක්ෂේත්‍ර ගණනාවක් දැනටමත් පවතින අතර තවත් බොහෝ ක්ෂේත්‍රයන් ද දැකිය හැකියි.

ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව යටිතල පහසුකම් ගොඩනැගීමට පමණක් සීමා නොවිය යුතු අතර, බෙංගාල බොක්කෙහි ආරක්ෂාව සහතික කිරීම දක්වා ද යා යුතු බව විචාරක මතයයි.

මෙම සමුද්‍රීය අවකාශය අන්තර් ජාතික ආරක්ෂක අභියෝග කිහිපයකින් පීඩා විඳින අතර ඒවා විසඳා විසඳා ගත යුතුව ඇත්තේ සාමූහිකවයි. 
ඉන්දියාව දැනටමත් බෙංගාල බොක්කෙහි ආරක්ෂක සහයෝගීතාව සඳහා බංග්ලාදේශය සමඟ ද්විපාර්ශ්විකව සහ මිලාන් සහ මලබාර්හි බහුපාර්ශ්වික නාවික අභ්‍යාස හරහා ජපානය සමඟ සම්බන්ධ වී සිටිනවා.

බෙංගාල බොක්කෙහි ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් වනුයේ ආපදා කළමනාකරණයයි.
බෙංගාල බොක්ක ආශ්‍රිත වෙරළබඩ රටවල් ස්වාභාවික විපත්වලට, විශේෂයෙන්ම සමුද්‍ර වෙළඳාමට බාධා පමුණුවන සුළි කුණාටුවලට ගොදුරු වන කලාපයක්.

ජපානයේ දියුණු ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණික ක්‍රම ත්‍රෛපාර්ශ්විකව වැඩ කිරීමෙන් ප්‍රයෝජන ගත හැකියි.

ඉන්දියාව, බංග්ලාදේශය සහ ජපානය අතර සහයෝගීතාව සඳහා වූ ත්‍රෛපාර්ශ්වික වැඩපිළිවෙළ තවමත් එහි මුල් අවධියේ පවතින අතර, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියානු රටවල් වැනි කලාපයේ අනෙකුත් බලවතුන්ගේ සහය ඇතිව, ඩකා-නවදිල්ලි-ටෝකියෝ හවුල්කාරිත්වය ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගතය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව විචාරක මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31