කුලී ගමනක් ගිය මාලදිවයින් පවූලකට අයත් තම ත්රීරෝද රථයේ අමතකව ගිය ලක්ෂ ගනන් වටිනා දේශීය හා විදේශීය මුදල් ලියකියවිලි , ගමන් බලපත් මුදල් පසුම්බි ඇතුලත් බෑගය එහි අයිතිකරු සොයා භාරදීමේ උතුම් ආදර්ශමත් සත්කාරයක් ගල්කිස්ස මීහිදු මාවත ත්රීරෝද රථ ගාලෙන් 25 වන දින අසන්නට ලැබිණි .
මෙම මාලදිවයින් පියා , මව , දුව, පුතා සමග හතර දෙනා සති කීපයක විවේකයක් ගත කිරීමට මෙරටට පැමිණ ගල්කිස්ස මිහිදු මාවත නිවසක් කුලී පදනමට ලබාගන තම සංචාරක කටයුතුවල නිරතව සිට ඇත .ඒ අනුව පසුගිය ( 25) වන දින උදෑසන පවුලේ සියලු දෙනා ගමන් මලු කීපයක්ද සමග පැමිණ ජේ.ආර්.ප්රසාද් රුද්රිගු මහතාට අයත් මෙම ත්රීරෝද රථය ලබාගන ගොස් ඇත. ගමන් අවසානයේ එක් ගමන් මල්ලක් අමතකව බැස ගොස් තිබෙනවා . නැවත පැමිණෙමින් සිටි රියදුරු හට තවත් කුලී ගමනක් හමුවී එම පුද්ගලයා රථයට ගොඩවූ පසු පිටුපස යම් ගමන් මල්ලක් ඇති බව රියදුරු දැනුවත් කරනතුරුම ඔහු එය දැක නොමැත .ඒ අනුව එම ගභනත් නිමාකර තම රථ ගාලට පැමිණ සිටි අතර පෙර අයීතිකරු පැමිණි අවස්ථාවේ එභ ගමන් මල්ල ඔහුගේද යන්න සනාත කර ගැනීමට පරීක්ෂාවට භාරදුන් පසු එහී තම පවුලේ අයගේ ගමන් බලපත්ර
මුදල් පසුම්බි දේශීය සහ විදේශීය මුදල් නෝට්ටුද අඩුවක් නොමැතිව තිබූ බැවින් එය ඔහුගේ බවට හදුනාගන රියදුරු වෙත ප්රසංසා කර තෑගිබෝගද ලබාදී මේ සමාජය ඉතාමත් අවංක රිදුරන්ද සිටීම අගය කරනුද ලැබිණි.



