අවුරුදු 16ක නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්

වයස අවුරුදු 16ක පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ (25) දිනයේ සිට අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මුන්දලම, මංගලඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිවුන් දැරියන් දෙදෙනෙක්.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි මෙම දැරියන් දෙදෙනාට ඔවුන්ගේ මව විසින් කිසියම් හේතුවකට දඬුවම්කර ඇති බව සඳහන්.

එලෙස දඬුවම් කිරීමෙන් පසු මෙම දැරියන් දෙදෙනා අතුරුදන්ව ඇති බවයි ඔවුන්ගේ මව පොලිසියට පවසා ඇත්තේ.

මොවුන් දෙදෙනා තම මවට දුරකථනයෙන් කථා කර හලාවත ප්‍රදේශයේ සිටින බව පවසා ඇති අතර, රැදී සිටින ස්ථානයක් පිළිබදව නිශ්චිතවම සඳහනක් කර නැහැ.

මවට කථා කළ දුරකථන අංකය ඔස්සේ ඔවුන් සොයා ගැනීම සඳහා විමර්ශණ සිදුකරන බවයි පොලීසිය සදහන් කළේ.

මෙම සිසුවියන්ගේ පියා ඔවුන් කුඩා කාලයේදීම අත්හැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23