Fly high Get bonus Aviator Phone

අවුරුදු 16ක නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්

වයස අවුරුදු 16ක පාසල් සිසුවියන් දෙදෙනෙක් ඊයේ (25) දිනයේ සිට අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මුන්දලම, මංගලඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිවුන් දැරියන් දෙදෙනෙක්.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි මෙම දැරියන් දෙදෙනාට ඔවුන්ගේ මව විසින් කිසියම් හේතුවකට දඬුවම්කර ඇති බව සඳහන්.

එලෙස දඬුවම් කිරීමෙන් පසු මෙම දැරියන් දෙදෙනා අතුරුදන්ව ඇති බවයි ඔවුන්ගේ මව පොලිසියට පවසා ඇත්තේ.

මොවුන් දෙදෙනා තම මවට දුරකථනයෙන් කථා කර හලාවත ප්‍රදේශයේ සිටින බව පවසා ඇති අතර, රැදී සිටින ස්ථානයක් පිළිබදව නිශ්චිතවම සඳහනක් කර නැහැ.

මවට කථා කළ දුරකථන අංකය ඔස්සේ ඔවුන් සොයා ගැනීම සඳහා විමර්ශණ සිදුකරන බවයි පොලීසිය සදහන් කළේ.

මෙම සිසුවියන්ගේ පියා ඔවුන් කුඩා කාලයේදීම අත්හැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?