එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව මාර්ක් අන්ඩ්‍රේ මෙහිදී සඳහන් කළා.

එසේම උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ප්‍රතිසන්ධාන සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

උතුරු හා නැගෙනහිර ජනතාවගේ දිගුකාලීන ගැටළු විසඳීම මෙන්ම ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම යෝජිත වැඩපිළිවෙළේ අරමුණ බවත්, ඒ සඳහා ඉදිරියේදී රට තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව කටයුතු කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවට එළඹ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56