spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ අතර හමුවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව මාර්ක් අන්ඩ්‍රේ මෙහිදී සඳහන් කළා.

එසේම උතුරු නැගෙනහිර සංවර්ධනය සහ ප්‍රතිසන්ධාන සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

උතුරු හා නැගෙනහිර ජනතාවගේ දිගුකාලීන ගැටළු විසඳීම මෙන්ම ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීම යෝජිත වැඩපිළිවෙළේ අරමුණ බවත්, ඒ සඳහා ඉදිරියේදී රට තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව කටයුතු කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?