වැටලීමකට ගිය අහංගම පොලිසියේ පිරිසකට වටකරගෙන ගහලා – හයක් අත්අඩංගුවට

වැටලීමකට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ එකම පවුලේ 06 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ඇති අතර, ගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් ජීප් රථයකට ද අලාභ හානි සිදුව තිබෙනවා.

අහංගම, වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ දී පොලිසියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
62
+1
5
+1
2
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?