වැටලීමකට ගිය අහංගම පොලිසියේ පිරිසකට වටකරගෙන ගහලා – හයක් අත්අඩංගුවට

වැටලීමකට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ එකම පවුලේ 06 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ඇති අතර, ගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් ජීප් රථයකට ද අලාභ හානි සිදුව තිබෙනවා.

අහංගම, වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ දී පොලිසියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23