වැටලීමකට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ එකම පවුලේ 06 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ප්‍රහාරයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ඇති අතර, ගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් පොලිස් ජීප් රථයකට ද අලාභ හානි සිදුව තිබෙනවා.
අහංගම, වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ දී පොලිසියට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.
මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.