ලෝකෙටම එකයි කී පඬුකරඳ දැන් හැම තැනම

ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති පඩුකරඳ හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ ඇමැතිවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූහ. පෙරේදා (13දා) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණි ඔවුහු මෙම පඬුකරඳ ගස හා සංරක්ෂිත පැළ 06 නිරීක්ෂණය කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති පඬුකරද ගස ලෝකයේ එකම පඬුකරඳ ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ෂයේ විශාල ගසක් හා පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ රුවිනි ගෝමස් කීවාය. මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර හා කඩුවෙල හා කදිරාන ප්‍රදේශවල මෙම ශාකය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිලධාරීන් එම ශාක නිරීක්ෂණය කළ බවත් ඇය කීවාය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාකයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂවරිය අදාළ ශාකය හමු වූ දාරළුව ප්‍රදේශයේ ද තවත් පඬුකරද විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද කීවාය.

දාරළුව ප්‍රදේශයේ පඩුකරඳ ශාකය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රුපියල් ලක්ෂ 86,000ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි කී ඇමැති ප්‍රසන්න රණතුංග ලෝකයේ එකම ගස බව ප්‍රකාශ කළ එම ශාකය හා මෙම ශාක එකම වර්ගයේ බවට තහවුරු කරගත්තේ කෙලෙසදැයි සහකාර අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කළේය. සහකාර අධ්‍යක්ෂවරිය පැවසුවේ මේ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. දාරළුවේ ගසට උද්භිද උද්‍යානයේ ගස් සෑම අතින්ම සමාන බව මෙම විද්‍යාත්මක පරීක්ෂණයේදී සනාථ වූ බවද ඇය කීවාය.

දාරළුව ප්‍රදේශයේ ඇති පඬුකරඳ ගස ලෝකයේ එකම ගස බවට කළ ප්‍රකාශය එක්කෝ කරුණු නොදැන, නැතිනම් කාගේ හෝ වුවමනාවකට කළ එකක්දැයි සැක මතුවන බවත් කාගේ හෝ වුවමනාවකට සිදුකළේ නම් එය රටේ සංවර්ධනය අඩාළ කිරීමට හිතාමතා සිදු කළ ප්‍රකාශයක් බවත් සඳහන් කළ ඇමැති ප්‍රසන්න රණතුංග පරිසරය ආරක්ෂා කරන අතරම රටේ සංවර්ධනය ද ක්‍රියාත්මක කළ යුතු බැවින් මේ පිළිබඳව පරිසරවේදීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බවද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09