ජපාන විදේශ ඇමති ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

25 දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි මාසයේ සිදු කළ ජපාන සංචාරයේදී සාකච්ඡා කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද නියෝජිත පිරිස සාකච්ඡා කරනු ඇති.

2019 වසරෙන් පසු ජපාන නියෝජිත පිරිසක් සමග අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ද මෙයයි.

ජපාන විදේශ අමාත්‍යවරයා ලබන 28 සහ 29 යන දෙදින තුළ දූත පිරිසක් සමඟ සිදු කරනු ලබන සංචාරය, පසුගිය වසරේ සිට දකුණු ආසියානු කලාපයෙන් පිටත රටක සිට සිදුකරන පළමු ඉහළ මට්ටමේ සංචාරයයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතාවල විෂය පථය වැඩිදියුණු කිරීමට මෙමගින් අපේක්ෂා කෙරෙන අතර පැමිණෙන නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52