අඟුරුවාතොට මව සහ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද – ප්‍රධාන සැකකරුත් රෝහලේ

අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණ මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ ඝාතනයන් සම්බන්ධයන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

ඒ, සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විසින් කතුරකින් උදරය ප්‍රදේශයට ඇණගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන්.

මෙහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද කතුරෙන් පහරදීමට උත්සාහ කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පොලිස් අපරාධ බුද්ධි කොට්ඨාසය, අඟුරුවාතොට පොලිස් අපරාධ බුද්ධි කොට්ඨාසය, වරකාගොඩ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සහ නාවික බුද්ධික කොට්ඨාසය එක්ව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

ඒ, සැකකරු වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයා බවයි වර්තා වුණේ.

මෙම සැකකරු අදාළ කාන්තාව සහ දියණිය අතුරුදන් වූ පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබුණා.

අනතරුව මොහු ප්‍රදේශයෙන් පළාගොස් සිටි බවටයි තොරතරු වාර්තා වුණේ.

දින දෙකක පමණ සිට අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඇය පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (21) සොයාගනු ලැබුවා.

ඒ, වනවිටත් ඔවුන්ගේ සිරුරු සතුන් විසින් කා දමා හානිකර තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර දැරියගේ සහ මවගේ මෘත දේහ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (22) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15