සහල් මිල තවත් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවීමක්

මහපරිමාණ සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුල තවදුරටත් සහල් මිල ඉහළයාමේ අවදානමක් ඇති බව සහල් ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

රජයේ පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ මහපරිමාණ වී මෝල් හිමියන් සහල් බෙදාහැරීම මීට ප්‍රධාන හේතුව බවයි තොග සහ සිල්ලර සහල් වෙළඳුන් පවසන්නේ.