කෘෂිකර්ම ඇමතිගෙන් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක්

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර කෘෂිකර්ම ප්‍රවර්ධනය සඳහා ජාන සම්පත් යොදාගැනීම පිළිබඳ 19 වන සැසිවාරය මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත් වෙනවා.

මෙම සැසිවාරය ජුලි 17 දින ආරම්භ වූ අතර එය අද (21) දින දක්වා පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

මේ සඳහා සහභාගි වීම සඳහා මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද රෝමය බලා පිටත්ව ගොස් තිබෙනවා.

සැසිවාරයට සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද අමරවීර, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu හමුවුණා.

මෙහිදී එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ලබාදෙන සහයෝගය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළා.

දැනට වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුධකාරී තත්ත්වය තුළ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ දී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, බීජ මෙන්ම තාක්ෂණික උපකාර හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ දී එම සංවිධානය විශාල සහයෝගයක් ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරියට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා අත්‍යවශ්‍ය වන වී ප්‍රභේද සංවර්ධනය හා සහල් නිෂ්පාදන අංශයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබාගැනීම සදහා අමාත්‍යවරයා විසින් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට සමගාමීව කාන්තාවන් කෘෂි ව්‍යවසායකයින් ලෙස යොමු කිරීමට ඔවුන් උනන්දු කිරීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

කෘෂිව්‍යවසායකයින් ලෙස කාන්තාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩ පිළිවෙළට එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසයි අමාත්‍යය මහින්ද අමරවීර එහිදී ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12