දරුවන් දහම්පාසල් යැවීම අනිවාර්ය කළ යුතුයි – අගමැති කියයි

බෞද්ධයන් ලෙස සතියකට දිනක් හෝ අවම වශයෙන් පොහොය දිනකට පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

පුත්තලම, මාදම්පේ, ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පුජ්‍ය දේවහන්දිියේ සද්ධානන්ද හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුබ පැතුම් එක්කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකර තොරණ විවෘත කිරීමෙන් පසු සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හදුන් පැලයක් රෝපණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.

එහිදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කර ගැනීම තුළින් නිසි මගට යොමු වීම සිදුවන බවයි.

එමෙන්ම දරුවන් ඉරිදා දහම්පාසල් යැවීම ද අනිවාර්ය කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දරුවන් යහමගට යැවීම සඳහා සුදුසුම ස්ථානය පන්සල සහ බෞද්ධ භික්ෂුන්වහන්සේගේ මග පෙන්වීම බව ද වැඩදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19