මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දැමෙනු ඇත.

එමෙන්ම මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙම පියවරගෙන තිබේ. 

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කාලාපයෙන් ද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව පසුගිය දින 03 තුළ පමණක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 100 දෙනෙකු හඳුනාගෙන ඇති බ‍ව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?